ආපදාවෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 4 ඉක්මවයි – මරණ සංඛ්‍යාව 410 ක් වේ – පුද්ගලයි 336 ක් අතුරුදන්

ආපදාවෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 4 ඉක්මවයි – මරණ සංඛ්‍යාව 410 ක් වේ – පුද්ගලයි 336 ක් අතුරුදන්

මේ වන විට මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 407,594 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් පීඩාවට පත්ව සිටින පුදගලයින් සංඛ්‍යාව 1,466,615 ක් බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා.

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 410 ක් වන අතර තවදුරටත් පුද්ගලයින් 336 ක් අතුරුදන්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නිවාස 565 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 20,271 ක්.

සුරක්ෂිතතා මධ්‍යස්ථාන 1,441 ක මේවන විට පවුල් 64,483 කට අයත් පුද්ගලයින් 233,015 ක් අවතැන්ව සිටිනවා.

දැනට සිදුව ඇති මරණ අතු‍රින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 88 ක්.

සෙසු වැඩිම මරණ සංඛ්‍යාව වන 83 වාර්තා වන්නේ බදුල්ලෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 75 ක්.

වැඩිම පූර්ණ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 269 ක් ලෙස දැක් වෙනවා.

ගංවතුරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 271,206 ලෙස දැක් වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව පවුල් 68,857 කට අයත් පුද්ගලයින් 269,403 කට ආපදා තත්ත්වය බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවල දැක් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 53,473 කට අයත් පුද්ගලයින් 205,189 කට ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150 දෙනකු තවමත් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

 

Share This