
ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය නිර්මල සියඹලාපිටිය ගේ නිලය උසස් කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්රදේශයේදී හදිසි ගොඩබෑමක් සිදු කිරීමට යාමේදී අනතුරට පත්වීම හේතුවෙන් එහි ප්රධන ගුවන් නියමුවා ලෙස කටයුතු කල විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය මහතා ජිවිතක්ෂයට පත් වූ අතර ඔහු සිදු කල ගෞරන්විත සේවය අගයමින් නොවැම්බර් මස 30 වන දින සිට විංග් කමාන්ඩර් නිලයේ සිට ගෘෘප් කැප්ටන් නිලය දක්වා උසස් කර තිබෙනවා.
ඔහුගේ දේහය අද (02) ලුණුවිල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අද (02) සවස රත්මලාන නිවස වෙත ගෙන යාමට නිමිතව තිබෙනවා.
තවද ඔහුගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 04 වන දින පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකිරිමට නියමිතයි.
