
නුවරඑළියේ සිරවී සිටි විදේශිකයින් 21 ක් ගුවන් හමුදාවෙන් රැගෙන එයි
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්රදේශයේ අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ඊයේ(01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත රැගෙන එනු ලැබුවා.
