
කූඨ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජනරාල්වරයා දන්වයි
දැනට පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතම් වෙළෙඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්ති ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට අලෙවි කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ දැක් වෙන්නේ මෙවැනි ක්‍රියා මාර්ග අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන් යටතේ නීති විරෝධී බවයි.
පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිනීමෙන් අයහපත් ලාභයක් ලබාගැනීමට උත්සාහ කිරීම සදාචාර විරෝධී මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජනරාල්වරයා තරයේ අවධාරණය කරනවා.
පවතින තත්ත්වය යටතේ මිල ගණන් ඉහළ දැමීම මෙන්ම , අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩාකර සඟවා තබා ගැනීම මගින් අයුතු හෝ කූඨ වෙළෙඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම වෙළෙඳ ව්‍යාපාරයකට හෝපුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජනරාල්වරයා තවදුරටත් පවසනවා.
ඔහු පවසන්නේ සියලුම සිල්ලර වෙළෙඳුන් උපරිම සිල්ලර මිල සටහන් භාණ්ඩ එම මිලට ද අනෙකුත් භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරමින් සෑම පුරවැසියකුටම භාණ්ඩ අඛන්ඩව ලබාදීම තවුරු කළ යුතු බවයි.
