ව්‍යසනය ගැන එ.ජා.ප. ය ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට නඩු නිමිති කියා ඇඟිල්ල දිගු කරයි

ව්‍යසනය ගැන එ.ජා.ප. ය ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට නඩු නිමිති කියා ඇඟිල්ල දිගු කරයි

පසුගිය නොවැම්බර් 27 වැනි දින ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකර ඒ වෙනුවට නොවැම්බර් 28 වැනි සිකුරාදා, එනම් මෙහෙයුම් සඳහා වඩාත්ම තීරණාත්මක දවස රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ සැලැස්මේ දක්වා ඇති පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ අවසාන ග්‍රාමීට මට්ටම දක්වා බෙදා හැරීමේ ක්‍රියාවලිය කිසි විටෙකත් සක්‍රීය කර නොතිබු බවයි.

2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේ 11 සහ 12 වගන්ති යටතේ, ජනාධිපතිවරයාට ආපදා තත්වයක් ප්‍රකාශ කිරීමට බලය පවතින නමුත් වත්මන් ජනාධිපතිවරයා එය කිරීමට අපොහොසත් වූ බව එකසත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා.

එම පක්ෂය පෙන්වා දෙන්නේ ආපදා කළමනාකරණ පනත මේ මොහොතේ කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යසනයකින් සිදුවන හානිය අවම කිරීම සඳහා නීතිමය විධිවිධාන අනුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා, අගමැති සහ කැබිනට් මණ්ඩලය අපොහොසත් වූ බවයි.

ඒ තත්ත්වය පහත ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පාස්කු ප්‍රහාර නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උපුටා දක්වමින් පෙන්වා දෙනවා.

“විධායක ක්‍රියාමාර්ගයක් හෝ අක්‍රියතාවයක් හෝ මගින් ජීවත්වීමේ අයිතියේ මූලික අයිතිය උල්ලංඝනය කරන අතර එමඟින් පුද්ගලයෙකුට හෝ පුරවැසියෙකුට හානියක් හෝ අලාභයක් සිදු වේ නම්, එය ව්‍යවස්ථාපිත වධහිංසාවක් ලෙස ක්‍රියා කළ හැකි බව අපි විශ්වාස කරමු…”

එ.ජා.ප. ය නිකුත් කළ නිවේදනයෙන් පැහැදිළි කරන්නේ වර්ෂ 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට ආපදා කළමනාකරණ කවුන්සිලය බැඳී සිටි බවයි.

විවිධ උපද්‍රව පුරෝකථනය කිරීම සඳහා වගකිව යුතු දේශීය තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය, ඔවුන් අදාළ උපද්‍රව පිළිබඳව කලාපීය සහ ජාත්‍යන්තර පූර්ව අනතුරු ඇඟවීමේ ආයතන සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදීම ජාතික සැලැස්මට ඇතුලත් විය යුතුව පැවති බව එම නිවේදනයේ සඳහන්.

විපතේ ස්වභාවය පිළිබඳව තාක්ෂණික ආයතනය විසින් සකස් කරන ලද පණිවිඩ සාරංශ ගත කිරීම ද කිරීම ද ඊට ඇතුලත් බව අදාල නිවේදනයේ දැක් වෙනවා.

ඊට ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට පූර්ව අනතුරු ඇඟවීම් බෙදා හැරීම, ප්‍රචාරණ ක්‍රියාවලියට බලපෑමට ලක්විය හැකි භූගෝලීය ප්‍රදේශ මෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම සහ ප්‍රජා සාමාජිකයින් ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂා කරන ආකාරය ද ඇතුළත් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එ.ජා.ප. ය පවසන්නේ පූර්ව අනතුරු ඇඟවීම් සහ ඉවත් කිරීමේ දැනුම්දීම්, හදිසි ප්‍රතිචාර සහාය සේවා සම්බන්ධතා ආදිය පිළිබඳව මාධ්‍ය වෙත වැඩි දැනුවත් කිරීමක් සහ නිතිපතා තත්ත්ව යාවත්කාලීන කිරීම් ලබා දීම කළ යුතු බවයි.

2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2024 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවත් එඅම සැලැස්ම යටතේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ අවසාන ග්‍රාමීය මට්ටම දක්වාම බෙදා හැරීමේ ක්‍රියාවලිය විය යුතු බවත් එ.ජා.ප. ය පෙන්වා දෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ සැලැස්ම පහත ආකාරයට දැක්විය හැකි බව නිදසුන් මගින් අවධරණය කර තිබෙනවා.

නිරිතදිග සහ ඊසානදිග මෝසම්වලට හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ප්‍රධාන තාක්ෂණික ආයතනවල (උදා: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය) සහාය ඇතිව වාර්ෂිකව ජාතික මට්ටමේ රැස්වීම් සම්බන්ධීකරණය සහ සංවිධානය කිරීමට 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම යෝජිත බව සඳහන්.

පසුගිය ජුනි 16 වැනි දින, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සංවේදී කිරීමේ වැඩමුළුව කොළඹ මැරියට් හෝටලයේදී පැවැවුණ බවත් එහි ප්‍රධාන කථිකයා වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා බවත් එ.ජා.ප. ය සිය නිවේදනයේ උපුටා දක්වා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පහත අංක දරණ නඩු මගින් අදාළ මූලාශ්‍ර ලබාගත හැකි බව එ.ජ’ප. නිවේදනයේ වැඩි දුරටත් දැක් වෙනවා.
– පාස්කු ප්‍රහාර නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණය
(SC/FR/163/19,SC/FR/165/19,64SC/FR/166/19, SC/FR/184/19, SC/FR/188/19, SC/FR/191/19,SC/FR/193/19, SC/FR/195/19, SC/FR/196/19, SC/FR/197/19, SC/FR/198/19, සහ SC/FR/293/19)

 

Share This