
උලපනේ ගඩොල් බෝක්කුව මියගිය පිරිසකට සහ මහනුවර, උඩත්තව, නෙළුම්මල මියයිය අයට පින් පමුණුවයි
මේ අතර පසුගියදා ඇති වූ ඇතිවූ නායාම යෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම ඊයේ (01) දින එම ස්ථානයේදී සිදු කළා.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුබුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක පස්බාගේ කෝරලයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කැන්දගොල්ලේ ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති නාහිමිගේ මූලිකත්වයෙන් සියලු ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම ආගමික කටයුතු සිදු කළා.
මෙම කටයුතු සංවිධානය කර තිබුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී තුෂාරි ජයසිංහ, පස්භාගේ කෝරලේ සභාපති මංජුල කරුණාරත්න ඇතුළු නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙනුයි.
ආගමික වැඩසටහනින් අනතුරුව නාවලපිටිය මහනුවර මාර්ගය යථාතත්වයට පත් කිරිමේ කටයුතුද ආරම්භ කිරීම සිදු කෙරුණා.
මේ අතර පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13 කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකළා.
කිසිවෙකු නොසිතූ පරිදි කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට නාය ගිය මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන මහා ජල කඳක් ගලා ගියේ කිසිවකුට ඒ වෙත ප්‍රවේශ වීම පවා අහුරා දමමින්.
ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස නාය යාමට ලක් වුණා.
