
දෙහිවල දී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කරයි
දෙහිවල පොලිස්වසමේ ,ඒ ක්වාටස් ක්‍රීඩා පිටිය අසල දී ඊයේ රාත්‍රී නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 34 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ දෙහිවල පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
