ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාල ගින්නකින් 23 ක් මරුට

ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාල ගින්නකින් 23 ක් මරුට

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

වර්තාවන්නේ ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ ගින්න හටගත් බවයි.

මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ අර්පෝරා ගම්මානයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක මෙම ගින්න හටගත් බව මාධ්‍ය වාර්ත කළා.

ඉරිදා මධ්‍යම රාත්‍රී 12 ට පමණ රාත්‍රී සමාජ ශාලාවේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හටගත් බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රාන්තයේ පොලිසිය උපුටා දක්වමින් පවසා තිබුණා.

ගින්නෙන් සංචාරකයින් සහ මුළුතැන්ගෙයි සේවකයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇතැයි එහි ප්‍රධාන අමාත්‍ය ප්‍රමෝද් සවන්ත් තහවුරු කළා.

වින්දිතයින්ගෙන් තිදෙනෙකු පිළිස්සුම් තුවාල වලින් මිය ගොස් ඇති අතර අනෙක් අය හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බව ඔහු පැවසුවා .

ඔහු තවදුරටත් සඳහන් කළේ අවම වශයෙන් මියගිය අයගෙන් තිදෙනෙකු කාන්තාවන් බවයි.

ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කළේ ගින්න දැන් පාලනය කර ඇති බව හා මියගිය සියලු දෙනාගේම සිරුරු සොයා ගෙන ඇති බවයි.

 

Share This