අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 908 ක් – අතුරුදන් පිරිස 410 ක්

අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 908 ක් – අතුරුදන් පිරිස 410 ක්

දේශගුණික විපර්යාසයෙන් දරුණුතම බලපෑමට ලක් වූ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නිල මරණ සංඛ්‍යාව 1,750 කට වඩා වැඩි වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පවසන්නේ ආසියාවේ සමහර ප්‍රදේශවල ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් මිලියන සංඛ්‍යාත ජනතාවට උපකාර කිරීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවකයන් අරගලයක නිරතව සිටින බවයි.

ඉන්දුනීසියාවේ අවම වශයෙන් පුද්ගලයින් 908 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර 410 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව ඊයේ අචේ පළාතේ සුමාත්‍රා දූපතෙන් ලැබුණු නවතම දත්තවලට අනුව පවසන්වා.

ඉන් ලක්ෂ 800,000 කට අධික පිරිසක් අවතැන් වී සිටිනවා.

ශ්‍රී ලංකාවේ මරණ 607ක් තහවුරු කර ඇති අතර, තවත් 214 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ඊයේ වාර්තා කළා.

ගංවතුර හේතුවෙන් තායිලන්තයේ අවම වශයෙන් මරණ 276ක් ද, මැලේසියාවේ පුද්ගලයින් දෙදෙනෙකු සහ වියට්නාමයේ පුද්ගලයින් දෙදෙනෙකු ද මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසනවා.

ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය ඊයේ දක්වා අචේහි “ඉතා තද වැසි” ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවූ අතර උතුරු සහ බටහිර සුමාත්‍රා ද අවදානමට ලක්ව තිබෙනවා.

Share This