
අංගොඩ සුබසාධන කඳවුරක කලාකරුවන් පිරිසක ගෙන් සංගීත ප්‍රතිකාරයක්
අංගොඩ කොටිකාවත්ත ජිනවන්සාරාම විහාරස්ථානයේ පිහිටි සුරක්ෂා මධ්‍යස්ථානයේ ජනතාවගේ මානසික සුවය පතා සංවිධානය කළ සංගීත වැඩසටහනක් එම විහාරස්ථාන සුරක්ෂා මධ්‍යස්ථාන කඳවුර පරිශ්‍රයේ දී පැවැත්වුණා.
පුද්ගලයින් 400 දෙනෙකු පමණ මෙම මධ්‍යස්ථානය තුල දින 05 ක් තිස්සේ නවාතැන් ගෙන සිටින අතර 1500 ක පමණ පිරිසක් එම ප්‍රදේශයේ අවතැන්ව සිටි බවයි එම විහාරස්ථානයේ ආපදා කමිටුවේ සාමාජිකයකු සඳහන් කළේ.
එම ජනතාවගේ මානසික ඒකාග්‍රතාවය හා මානසික සුවය වෙනුවෙන් මෙම සංගීත වැඩසටහන පැවති අතර එම අවස්ථාවට ප්‍රවීණ ගායන ශිල්පීන් වන නීල් වර්ණකුලසූරිය , කුමාරසිරි පතිරණ , චන්ද්‍රසේන හෙට්ටිආරච්චි , සෙව්වන්දි රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අවතැන් වූ ජනතාව එම ශිල්පීන් ගායනා කරන විටදී නර්තනයේ යෙදෙමින් සතුටු වූ අයුරු දක්නට ලැබුණා.
සංගීතය සපයන ලද්දේ සිදුව සකුරා සංගීත කණ්ඩායමේ වාදන ශිල්පීන් විසින්.
