
මනුෂ්‍යත්වය වෙනුවෙන් උදැල්ල දෑතට ගත් විදෙස් සියුමැල්ලී
ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මේ වන විට ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට ස්වේච්ඡාවෙන් එකව සිටිනවා.
දකුණේ බොහෝ පිරිසක් තමන් සතු බැකෝ යන්ත්‍රවල සිට කැත්ත ,උදැල්ල දක්වා දේ රැගෙන මහනුවර,නුවරඑළිය, බදුල්ල ආදී දිස්ත්රීකවල නාය ගිය සහ ගංවතුරින් යට වූ පරදේශ නැවත පිළිසකර කිරීමේ අසීරු වෑයමට උර දෙමින් සිටින්නේ මනුෂ්‍යත්වයේ ගුණය යලි සනාථ කරමින්.
මේ අතර මෙරටට පැමිණ සිටින විදේශිකයන් ද මෙම සහන සත්කාරයට එක්ව සිටිනු දැකීම බෙහෝ දෙනාට යලි සිය ශක්තියෙන් නැගී සිටින්නට සපයන්නේ මහත් ධෛර්යයක්.
මෙම මානුෂික ක්‍රියාන්විතයන් ලෝකයට ශ්‍රී ලංකාව පිළිබඳ ගෙන යන පනිවිඩය ඉතා ඉහළ මෙන්ම ඔවුන් ලංකාව දෙස මහත් විස්මයෙන් බලා සිටිනවා.
අප සතු ආගන්තුක සත්කාරයේ ගුණය නිසාම විදේශීය සංචාරකයින් පවා මේ මොහොතේ සිය ශක්තිය අපේ රටේ අසරණ වූ පිරිසක් වෙනුවෙන් යොදවමින් සිටින්නේ අපට යලි යලිත් සිතන්නට බොහෝ පාඩම් කියා දෙමින්.
මේ සියුමැලි සුදු ජාතික තරුණිය අපට කියා දෙන්නේ ඒ පාඩම නොවේද?
එය රටේ ආත්මාර්ථය වෙනුවෙන් කැප වූ ඇතැම් දේශපාන කණ්ඩායම්වලට උගන්වන පාඩමක් නොවේද?



