ආපදාවට ලක්වූවන්ට සහ සමාජ මාධ්‍ය සහ මාධ්‍යකරුවන්ට නොමිලේ නීති උපදෙස් දෙන්න ” Free Lawyers ” සංවිධානය එයි

ආපදාවට ලක්වූවන්ට සහ සමාජ මාධ්‍ය සහ මාධ්‍යකරුවන්ට නොමිලේ නීති උපදෙස් දෙන්න ” Free Lawyers ” සංවිධානය එයි

ආපදාවෙන් විපතට පත් වූවන්ට නොමිලයේ නීති සහය ලබා දීමට සහ හදිසි නීතිය මර්ධනකාරී ලෙස සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යවලට එරෙහිව යොදාගැනීම වැළැක්වීම සඳහා නීතිඥ සාහාය ලබාදීමට නව සංවිධානයක් පිහිටුවා තිබෙනවා.

” Free Lawyers ” සංවිධානය පසුගිය 05 වැනිදා ඒ වෙනුවෙන් කොළඹ දී පිහිටුවා ගත් බව එහි සම්බන්ධීකාරක ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම පහසු කාර් යයක් නොවන නමුත් එය අත්‍යවශ්‍ය වගකීමක් බව ආරම්භක රැස්වීමේ දී සංවිධානයේ ආරම්භක රැස්වීමේ දී සියලු දෙනා ප්‍රාකාශ කළ බව ඒ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආරම්භක රැස්වීමට ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ අතුල ද සිල්වා, නීතිඳ ගුණරත්න වන්නිනායක, නීතිඥ මර්වින් ද සිල්වා, නීතිඥ දිනේෂ් විදානපතිරණ,නීතිඥ සංජය ගමගේ , ඇතුලු නීතිඥයින් 50 කට අධික පිරිසක් එකව සිටි බව එම නිවේදනයේ දැක් වෙනවා.

1. ආපදා හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දීම

2. හදිසි නීතිය මර්ධනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍යට එරෙහිව යොදාගැනීම වැළෙක්වීම

3. නීතිඥ ප්‍රජාව හා නීති වෘතිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමාජ දැනුවත්කම ඇති කිරීම

මෙම සංවිධානයේ අරමුණයි.

Share This