Houthi කැරලිකරුවන් එල්ල කළ මිසයිලයක් බිම හෙළූ බවට අමෙරිකානු හමුදාවෙන් ප්‍රකාශයක්

Houthi කැරලිකරුවන් එල්ල කළ මිසයිලයක් බිම හෙළූ බවට අමෙරිකානු හමුදාවෙන් ප්‍රකාශයක්

යේමනයේ Houthi කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයකින් තම යුද නෞකාවක් දෙසට එල්ල කළ මිසයිලයක් බිම හෙළූ බව අමෙරිකානු හමුදාව පවසනවා

එම කෲස් මිසයිලය – Hudaydah වෙරළට ඔබ්බෙන් බිම හෙළා ඇති බවයි පැවසෙන්නේ

ඊයේ (14) පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් තුවාල හෝ අලාභ හානි කිසිවක් වාර්තා නොවූ බවද සඳහන්

රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කරන Houthi කැරලිකරුවන්ගේ මිලිටරි හැකියාව පහත හෙලීමේ අරමුණින් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් ප්‍රහාර දියත් කිරීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් පසුගිය සිකුරාදා යේමනයේ ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවකට පහර දුන් අතර, වාර්තා වන පරිදි ආයුධ ගබඩා, සැපයුම් මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පද්ධති ද ඊට ඇතුළත්ව තිබෙනවා

මේ අතර ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ “අපගේ ජනතාව ආරක්ෂා කිරීමට සහ අවශ්‍ය පරිදි ජාත්‍යන්තර වාණිජ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග යොමු කිරීමට තමා පසුබට නොවන” බවයි.

එසේම, හවුතිවරුන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග දියත් කිරීමට තමන් සූදානම් බවද එක්සත් රාජධානිය පවසා තිබෙනවා

Share This