Houthi කැරලිකරුවන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නැවත නම් කිරීමෙන් පසු එක්සත් ජනපද යාත්‍රාවකට ප්‍රහාරයක්

Houthi කැරලිකරුවන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නැවත නම් කිරීමෙන් පසු එක්සත් ජනපද යාත්‍රාවකට ප්‍රහාරයක්

ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නැවත නම් කරන බව වොෂින්ටනය ප්‍රකාශ කිරීමෙන් පසු යේමනයේ Houthi කැරලිකරුවන් එක්සත් ජනපදයට අයත් ඒඩන් බොක්කෙහි තිබූ යාත්‍රාවක් ඉලක්ක කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද හමුදාව පවසන්නේ බදාදා සවස යාත්‍රාවක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් වූ බවයි.

එක්සත් ජනපද මූල්‍ය ආයතනවලට Houthi අරමුදල් රැස් කිරීමට අවශ්‍ය වන අතර එහි සාමාජිකයින් එක්සත් ජනපදයෙන් තහනම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඒඩන් බොක්කෙහි සහ අසල්වැසි රතු මුහුදේ Houthi කැරලිකරුවන්ගේ ප්‍රහාර ඊශ්‍රායලයේ ගාසා තීරයේ හමුදා මෙහෙයුමට ප්‍රතිචාර දැක්වීම සඳහා සිදුකෙරෙන බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

මෙම මස මුලදී, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය විසින් යේමනයේ Houthi ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර දියත් කරන ලද්දේ කණ්ඩායම මුහුදේ යාත්‍රා ඉලක්ක කිරීම නැවැත්වීමේ උත්සාහයක් ලෙසයි .

යේමනයේ Houthi පාලන ප්‍රදේශවලින් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් යාත්‍රාවේ ගැටුණු බව අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර තිබෙනවා .

යම් හානියක් සිදුවී ඇති නමුත් තුවාල කිසිවක් සිදුවී නොමැති බවත් යාත්‍රාව මුහුදු මට්ටමේ පවතින බවත් වැඩිදුරටත් ඔවුන් පවසනවා

 

Share This