Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

Ingenuity යානයේ අඟහරු මෙහෙයුම අවසන්

වෙනත් ලෝකයක් මත ප්‍රථම වරට ක්‍රියාත්මක වූ ගුවන් ගමනක් සාක්ෂාත් කර ගනිමින් ඉතිහාසයට එක් වූ නාසා ආයතනයේ Ingenuity Mars යානයේ මෙහෙයුම අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය පැවසුවේ යානයේ රොටර්වලට හානි වී ඇති නිසා Ingenuity Mars යානය හදිසි ගොඩබෑමකට ලක්වූ බවයි.

අභ්‍යවකාශ ඒජන්සියේ Bill Nelson කියා සිටියේ ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා බොහෝ මෙහෙයුම් මෙම යානය මගින් ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම Ingenuity නිසා සෞරග්‍රහ මණ්ඩලයේ අනාගතයේදී සිදු කිරීමට නියමිත ගුවන් ගමන සඳහා මග පෑදී ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම යානයේ තත්ත්වය තවමත් විමර්ශනය කරමින් සිටින බවයි නාසා ආයතනය නිවේදනය කරන්නේ.

Ingenuity යානය 2021 පෙබරවාරි මාසයේදී අගහරු වෙත ළගා වූයේ Perseverance රෝවරය තුළ ගමන් කිරීමෙන්.

ඊයේ (25) එහි මෙහෙයුම අවසන් වීමට පෙර, Ingenuity ගුවන් ගමන් 72 ක් සිදු කළ අතර මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා 14 ගුණයකට වඩා වැඩි දුරක් ගමන් කිරීමට Ingenuity යානයට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This