Isha සුළි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයට තවත් සුළි කුණාටුවක බලපෑම්

Isha සුළි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයට තවත් සුළි කුණාටුවක බලපෑම්

උතුරු අයර්ලන්තයට බලපෑ Isha සුළි කුණාටුවෙන් පසු තවත් සුළි කුණාටුවක් වන Jocelyn සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා

මෙම සතියේ උතුරු අයර්ලන්තයට බලපෑ දෙවන කුණාටුව මෙය වන අතර Belfast ජාත්‍යන්තර ගුවන් තොටුපළට යන ප්‍රධාන මාර්ගයද වසා දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Jocelyn සුළි කුණාටුව හේතුවෙන් අධික සුළං සහ ගස් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ග කිහිපයක් වැසී ගොස් තිබෙනවා

සමහර දුම්රිය ගමන් සහ ගුවන් ගමන් ද කෙරෙහිද එය බලපා ඇති බව සඳහන් වනවා

එමෙන්ම විදුලිය විසන්ධි වීම පාරිභෝගිකයින් 3,000කට පමණ බලපා තිබෙනවා

Share This