අපහාස කිරීමේ වරදට ඩොලර් මිලියන 83.3ක් වන්දියක් ගෙවන ලෙස අධිකරණය Trumpට නියම කරයි

අපහාස කිරීමේ වරදට ඩොලර් මිලියන 83.3ක් වන්දියක් ගෙවන ලෙස අධිකරණය Trumpට නියම කරයි

Donald Trump 2019 දී එක්සත් ජනපද ජනාධිපතිව සිටියදී තීරු ලිපි රචක E Jean Carrollට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක් ගෙවිය යුතු බවට නිව්යෝර්ක් ජූරි සභාවක් තීරණය කර තිබෙනවා.

සිවිල් නඩු විභාගයේ දඩ මුදල වන්දි හානි සඳහා ඩොලර් මිලියන 18.3 ක් සහ දඬුවම් හානි සඳහා ඩොලර් මිලියන 65 ක් බවයි සඳහන් වන්නේ.

Donald Trump විසින් Carroll මහත්මිය අපකීර්තියට පත් කර ඇයට ලිංගික අතවර කළ බවට මීට පෙර සිවිල් නඩුවකින් සොයා ගෙන තිබුණා.

එම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවටයි Trump ප්‍රතිඥා දී ඇත්තේ.

වන්දි හානිවලින් අදහස් කරන්නේ Trumpගේ සිදුකළ යම් යම් ප්‍රකාශයන් නිසා ඇයගේ කීර්තිනාමයට සහ යහපැවැත්මට හානි සිදු වී ඇති බවට ජූරි සභාව විසින් සොයා ගන්නා ලද හානිය ගණනය කිරීම බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This