අමෙරිකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන Brent Sikkema ඝාතනය කළ බවට සැක අයෙක් අත්අඩංගුවට

අමෙරිකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන Brent Sikkema ඝාතනය කළ බවට සැක අයෙක් අත්අඩංගුවට

අමෙරිකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන Brent Sikkema ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

75 හැවිරිදි Brent Sikkema රියෝ ද ජැනයිරෝ හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ පිහි ඇනුම් තුවාල රැසකින් මියගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

පොලිසිය විසින් Alejandro Triana Trevez ලෙස නම් කර ඇති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අසල්වැසි ප්‍රාන්තයේ Minas Gerais හි ඉන්ධන පිරවුම්හලකදීයි.

සැකකරු Brent Sikkemaගේ නිවසින් ඩොලර් 3,000ක් සොරකම් කර ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරනවා

ඝාතනයට පෙර සැකකරු සාඕ පවුලෝ නගරයේ සිටි බවත් පසුව පලා යාමට උත්සාහ කිරීමට පෙර එහි පැමිණ ඇති බවත් බලධාරීහු පවසනවා

Brent Sikkema වසර 50කට වැඩි කාලයක් කලා ලොවේ සේවය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This