
ඉන්දීය ආධර රැගත් නැවක් කොළඹ වරායට – තවත් නැවක් අද ත්‍රිකුණාමලයට
ආධාර රැගත් ඉන්දියානු නෞකාවක් ඊයේ (07) කොළඹ වරායට පැමිණියා.
සීනි, කිරිපිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් රැගෙන පැමිණි ද්‍රව්‍ය අතර වනවා.
භාණ්ඩ තොගයේ බර ටොන් දස දහසකට අධිකයි.
ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත මෙම ආධාර භාරදෙනු ලැබුවා.
තවත් ටොන් හත්සීයක භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් අද (08) ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතයි.
සීනි, කිරිපිටි, ඇඳුම්, සාරි, බෙඩ්ෂීට්, තුවා මෙම භාණ්ඩ තොගය අතර වනවා.


