ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහලෙන අධික වර්ෂාපතනයෙන් හටගෙන ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම මරණ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.

පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Share This