ඉම්රාන් ඛාන්ට තවත් වසර 10ක සිර දඬුවම්

ඉම්රාන් ඛාන්ට තවත් වසර 10ක සිර දඬුවම්

රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබෙනවා

2022 වසරේදී ඔහුගේ විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, දූෂණ චෝදනාවලට වරදකරු වී දැනටමත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටිනවා

තමාට එල්ල වී ඇති සියලුම චෝදනා දේශපාලන අරමුණු සහිත ඒවා බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ

රහස් පනත යටතේ වරදකරු කිරීම පැමිණෙන්නේ ඔහුට පෙනී සිටීම තහනම් කර ඇති මහ මැතිවරණයට සතියකට පෙරය.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාව රහසිගත ලියවිල්ලක් පිටවීම සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමකට සමාන බවටයි පැමිණිල්ල විසින් ප්‍රකාශ කර තිබෙන්නේ

අවසාන චෝදනාව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දඬුවමට පවා හේතු විය හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ඉම්රාන් ඛාන් අගෝස්තු මාසයේ සිට අඩියාලා බන්ධනාගාරයේ රඳවා තිබෙනවා .

එමෙන්ම පසුගිය මාස කිහිපය පුරා පැවති විශේෂ අධිකරණයේ නඩු කටයුතුවලට සහභාගී වීමට ජාත්‍යන්තර මාධ්‍යවලට අවසර නොලැබුණු බවද සඳහන් .

එල්ල වන චෝදනා මධ්‍යයේ මහ මැතිවරණය පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This