ඊශ්‍රායලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවක් මරුට – 17කට තුවාල

ඊශ්‍රායලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවක් මරුට – 17කට තුවාල

ඊශ්‍රායලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 70 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

ටෙල් අවිව් නගරයට උතුරින් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි Raanana ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද්ධයේ දින 100 ඉක්මවීමත් සමග මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසන්නේ මියගිය කාන්තාවට එක් සැකකරුවෙකු විසින් පිහියෙන් ඇණ ඇති බවයි

Share This