
ඊශ්රායලයේ සේවයට ගිය ශ්රී ලාංකිකයෙකුව ගෙල කපා ඝාතනය කරලා
තියුණු ආයුධයකින් පහරදී ශ්රී ලාංකිකයෙකු ඝාතනය කර ඇති පුවතක් ඊශ්රායලයෙන් වාර්තා වෙනවා.
සැප්තැම්බර් මාසයේදී ඊශ්රායලයට පැමිණ ඇති ඔහු ඉදිකිරීම් සේවා අංශයේ වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කර තිබුණි.
තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා මෙලෙස ඝාතනය කර ඇත්තේ ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළේ දෙදරු පියෙක් වන ඔහු, 38 හැවිරිදි වියේ පසුවන ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
අප්රිකානු සම්බවයක් සහිත පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් මේ ඝාතනයට හේතුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා.
