උතුරු අයර්ලන්තයේ නිවාස 48,000කට විදුලිය විසන්ධි වෙයි

උතුරු අයර්ලන්තයේ නිවාස 48,000කට විදුලිය විසන්ධි වෙයි

Isha කුණාටුව හේතුවෙන් උතුරු අයර්ලන්තයේ නිවාස 48,000කට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම කුණාටුව හේතුවෙන් උතුරු අයර්ලන්තයේ විදුලිබල ජාලයට විශාල හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පරිශ්‍රයන් 170,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය නැති බවද සඳහන්

ගස් කඩා වැටීමත් සමඟ ගුවන් ගමන් සහ පාරු යාත්‍රා අවලංගු කර ඇති අතර මාර්ග ගමනාගමනයටද බලපෑම් එල්ල වී තිබෙනවා

තද සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This