එක්සත් ජනපදය පළමු වරට නයිට්‍රජන් වායුව මරණ දඬුවමට භාවිත කරයි

එක්සත් ජනපදය පළමු වරට නයිට්‍රජන් වායුව මරණ දඬුවමට භාවිත කරයි

අමෙරිකාව මරණ දණ්ඩනය ලබාදීම සඳහා පළමු වරට නයිට්‍රජන් භාවිත කර තිබෙනවා.

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම මරණ දඬුවම ලබා දී ඇත්තේ 58 හැවිරිදි Kenneth Smith හටයි.

ඔහු 1989 දී එලිසබෙත් සෙනෙට් නැමැති කාන්තාව කුලියට ඝාතන කිරීම සම්බන්ධයෙන් වරදකරුවි සිටියා.

කෙනෙත් ස්මිත්ගේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ෆෙඩරල් අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණද එය ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඔහුගේ නීතිඥයින් සඳහන් කරන්නේ මෙම මරණ දණ්ඩන ක්‍රියාවලිය කෲර සහ අසාමාන්‍ය එකක් බවයි.

අමෙරිකාවේ මරණ දණ්ඩනය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයට අනුව පිරිසිදු නයිට්‍රජන් වායුව ලබා දීමෙන් ජීවිතක්ෂයට පත් කළ ලොව පළමු පුද්ගලයා Kenneth Smith වනවා.

ඔක්සිජන් වායුව නොමැතිව වායුව ආශ්වාස කිරීම තුලින් ශරීරයේ සෛල මිය යනවා මෙන්ම මරණයට ද සිදු වනවා.

කෙසේවෙතත් ඔහුට ලබා දුන් දඬුවම කෲර බැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කරන්නේ මෙම දඬුවම් ක්‍රමය නතර කරන ලෙසයි.

Share This