කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක තිබී සොයා ගත් සිරුරු සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට

කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක තිබී සොයා ගත් සිරුරු සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට

දකුණු කැලිෆෝනියාවේ Mojave කාන්තාරයේ දුෂ්කර ප්‍රදේශයක වෙඩි තබා මරා දමා තිබූ සිරුරු කිහිපයක් සොයා ගැනීමෙන් පසු එරට පොලිසිය පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන විමර්ශකයින් කියා සිටින්නේ මෙම සිදුවීම නීතිවිරෝධී මරිජුවානා නිෂ්පාදනය හා සම්බන්ධ බවට පෙනී යන බවයි

මියගිය හය දෙනාගෙන් හතර දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි එරට පොලිසිය පවසන්නේ

මෙම සිරුරු ජනවාරි 23 වන දින සැන් බර්නාඩිනෝ ප්‍රාන්තයේ පිහිටි El Mirage නගරයට ආසන්න මහා මාර්ගයකින් සොයා ගත් අතර මියගිය හයදෙනාම වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා

මියගිය අයගෙන් හතර දෙනෙකු දරුණු පිළිස්සුම් ඇති වී ඇති බවද සඳහන්

විමර්ශකයින් විසින් තුවක්කු අටක් රාජසන්තක කර ඇති අතර ඒවා ඝාතන සඳහා භාවිතා කළේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වනු ලබනවා

Share This