කෙහෙල්බද්දර පද්මේගෙන් පිස්තෝලයක් මිලදී ගත් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේගෙන් පිස්තෝලයක් මිලදී ගත් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අද (1) දහවල් මිනුවන්ගොඩ සෙරන්ඩිප් නිවාස සංකීර්ණයේදී ව්‍යාපාරිකයෙකු සමග මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා උන්ඩ දහතුනක් , පතුරන් ගැබක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

වාර්තා වන්නේ මෙම පිස්තෝලය පොලිසිය විසින් දැනට භාවිතා කරන නවතම පිස්තෝලයක් බවට හෙළි වී ඇති බවයි.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ වසර දෙකකට ඉහතදී හීනටියන මහේෂ් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අයකු බවයි.

කප්පම් මුදල් නොගෙවීමේ සිද්ධියකට ඔහුට මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

පසුව ඔහු සිය ආරක්ෂාව සඳහා මෙම පිස්තෝලය වසර එකහමාරකට පෙර දැනට පොලිස් අත්අඩංගුවේ සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක් ලබාදී මිලදී ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා හෙට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.

 

Share This