කොලොම්බියා ගුවන්තොටුපොලෙන් හමුවූ විෂ සහිත ගෙම්බන්

කොලොම්බියා ගුවන්තොටුපොලෙන් හමුවූ විෂ සහිත ගෙම්බන්

කොලොම්බියාවේ බොගෝටා ගුවන් තොටුපළ හරහා ප්‍රවාහනය කරමින් තිබූ විෂ සහිත ගෙම්බන් 130 ක් සමග බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව Sao Paulo වෙත ගමන් කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බහාලුමක් තුළ වර්ණවත් Harlequin ගෙම්බන් සුක්ෂම ලෙස අසුරා තිබූ බව සඳහන්.

Harlequin ගෙම්බන් මෙම කාන්තාවට ත්‍යාගයක් ලෙස ලැබුණු එකක් බවයි ඇය පොලිස් නිලධාරීන්ට පවසා තිබෙන්නේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති Harlequin ගෙම්බන් විශේෂය අධික විෂ සහිත වනවා.

ඉක්වදෝරය සහ කොලොම්බියාව අතර පැසිෆික් වෙරළ තීරයේ මෙන්ම මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ අනෙකුත් රටවල මෙන්ම තෙත් වනාන්තරවල ද මෙම ගෙම්බන් ජීවත් වනවා.

මෙවැනි සත්ත්ව විශේෂ ළඟ තබා ගැනීමේ වරදට අමෙරික ඩොලර් 1,000 දක්වා දඩයක් නියම විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This