ගසාහි රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07කට තුවාල

ගසාහි රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07කට තුවාල

ගසාහි අල්-අක්සා රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ගාසා තීරයේ රෝහල් අංගනයකදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මෙලෙස තුවාල ලබා ඇති පිරිස අතර බීබීසීයේ සේවය කරන එක් මාධ්‍යවේදීයෙකු සිටින බව සඳහන්

ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පැවසුවේ අල්-අක්සා රෝහල් භූමියේ පිහිටි අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි

ප්‍රහාරය එල්ල වූ රෝහල් භූමියේ තාවකාලික කූඩාරම්වල නවාතැන් ගන්නා සිය ගණනක් අතර මාධ්‍යවේදීන් ද සිටින බව සඳහන්

අල්-අක්සා යනු මධ්‍යම ගාසා තීරයේ ක්‍රියාත්මක වන අවසාන රෝහල බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This