ගාසා තීරයේ පවතින සාගතය යුද අපරාධයක්

ගාසා තීරයේ පවතින සාගතය යුද අපරාධයක්

ගාසා තීරයේ ඇතිවී තිබෙන ව්‍යසනය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගතයක් බවට පරිවර්තනය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මේ තත්ත්වය මධ්‍යයේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා සිය නෛතික වගකීම් ඉටු කරන ලෙසත්, මානුෂීය ආධාර අවශ්‍ය ජනතාව වෙත ප්‍රමාණවත් ලෙස සැපයීමට ඉඩ සලසන ලෙසත් ඊශ්‍රායලයට පීඩනය වැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම මානව හිමිකම් නිලධාරි වොල්කර් ටර්ක් කියා සිටියේ ඊශ්‍රායලය මේ ව්‍යසනය සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම භාරගත යුතු බවයි.

එමෙන්ම එය යුද අපරාධයක් වන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ අංශ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍ය Nir Barkat පවසන්නේ මෙම අනතුරු ඇඟවීම් සම්පූර්ණ විකාරයක් වන බවයි.

එමෙන්ම වගකීම් විරහිත දේවල් කීමෙන් වළකින ලෙසත් ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබෙනවා.

Share This