ගාසා තීරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට අරමුදල් සැපයීම රටවල් රැසක් නවතා දමයි

ගාසා තීරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට අරමුදල් සැපයීම රටවල් රැසක් නවතා දමයි

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු කාර්යමණ්ඩලයේ ඇතැම් අයගේ කාර්යභාරය සම්බන්ධයෙන් අර්බුදය උග්‍රවීමත් සමග තවත් රටවල් ගාසා තීරයේ ක්‍රියාත්මකවන විශාලතම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට අරමුදල් සැපයීම නතර කර තිබෙනවා

ඒ අනුව තමන් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA ) වෙත ගෙවීම් අත්හිටුවන බව ජපානය සහ ඔස්ට්‍රියාව කියා සිටිනවා

එමෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඉතාලිය ද අරමුදල් අත්හිටුවා ඇති අය අතරවන බවයි පැවසෙන්නේ

කෙසේවෙතත් UNRWA BBC පුවත් සේවය වෙත පවසා ඇත්තේ එය ගාසා තීරයේ මානුෂීය අවශ්‍යතා පැයෙන් පැය වර්ධනය වන බවයි

ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු ගාසා තීරයේ 26,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

තවත් මිලියන 1.7ක ජනතාවක් තම නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් UNRWA පහසුකම්වල නවාතැන් ගෙන සිටින බවද පැවසෙනවා

Share This