ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවයි – හමාස් සංවිධානය

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවයි – හමාස් සංවිධානය

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වූ පලස්තීන භූමියේ මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවා ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 25,105ක් මිය ගොස් ඇති බව සඳහන්.

එලෙස මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් වැඩි වශයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් දකුණු ප්‍රධාන නගරයවන ඛාන් යුනිස් හි ත්‍රස්තවාදීන් ගණනාවක් ඝාතනය කළ බවත් උතුරු ගාසා තීරයේ ක්‍රියාකාරීන් 15 දෙනෙකු පසුගිය දින තුළ මරා දැමූ බවයි

Share This