ගාසා තීරයේ සාගින්න අවියක් ලෙස භාවිතා කරනවා – යුරෝපා සංගමය පවසයි

ගාසා තීරයේ සාගින්න අවියක් ලෙස භාවිතා කරනවා – යුරෝපා සංගමය පවසයි

ගාසා තීරයේ සාගින්න යුද අවියක් ලෙස භාවිතා කරන බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් (Josep Borrell ) සඳහන් කරන්නේ ගාසා තීරයේ උද්ගත වී ඇති ආධාර හිඟය මිනිසා විසින්ම සාදන ලද ව්‍යසනයක් බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ස්පාඤ්ඤ නෞකාවක් සයිප්‍රසයේ සිට ගාසා තීරය බලා පිටත්ව ගොස් ඇති වුවත් ගොඩබිමෙන් ආධාර සැපයීම ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දකුණු ගාසා තීරයට තවත් ප්‍රහාර දියත් කරන බවට ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රදේශයට ආධාර ලබා ගැනීමට ඉක්මන්ම සහ ඵලදායීම ක්‍රමය මායිම් මාර්ගයි.

නමුත් ආධාර ආයතන පවසන්නේ ඊශ්‍රායල සීමා කිරීම් නිසා ආධාර අවශ්‍ය ප්‍රමාණයෙන් කොටසක් ඇතුළු කිරීමට සිදුවන බවයි.

ඒ වෙනුවට මුහුදු සහ ගුවන් ඇතුළු විකල්ප මාර්ග වෙත අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ හරස් මාර්ග දෙකක් හරහා ආධාර ලබා දීමට ඉඩ සලසා ඇති බැවින් ගාසා තීරයේ ආහාර හිඟයට තමන් වග නොකියන බවයි.

Share This