ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් එක්වෙයි

ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් එක්වෙයි

ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධයේදී ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ ඔවුන්ගේ සගයන් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් රැසක් ඊයේ (28) සවස නිහඬතාවයක් පවත්වා තිබෙනවා

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇති වූ ගැටුමේ සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බවයි මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) ප්‍රකාශ කර තිබෙන්නේ

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් පවසා ඇත්තේ 1992 වසරේදී ඔවුන් දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල-ගාසා යුද්ධය මාධ්‍යවේදීන් සඳහා වූ මාරාන්තික කාල පරිච්ඡේදය මෙය බවයි.

Share This