ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යේෂ්ඨ සාමාජිකයන් 04ක් මරුට

ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යේෂ්ඨ සාමාජිකයන් 04ක් මරුට

සිරියාවේ අගනුවරට එල්ල කළ බවට සැක කෙරෙන ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යේෂ්ඨ සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරන අතර, එම ප්‍රහාරයෙන් හමුදා උපදේශකයින් හතර දෙනෙකු මෙන්ම සිරියානු හමුදා සාමාජිකයින් ගණනාවක් ද මියගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ වනතෙක් ඊශ්‍රායලය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.

වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝම්බර් 7 දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට එවැනි ප්‍රහාර වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This