චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් 13 දෙනෙකු මරුට

චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් 13 දෙනෙකු මරුට

චීනයේ Henan පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Henan පළාතේ Yanshanpu ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ(19) රාත්‍රියේ මෙම ගින්න හටගත් බවයි සඳහන් වන්නේ.

පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන මෙම පාසල ළදරු, පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා වූ නේවාසික පාසලක් වනවා.

ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පාසලේ කළමණාකරු රඳවා තබාගෙන පරීක්ෂණයක් පවත්වන බවයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ගින්නෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු සුව අතට හැරෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This