චීනයේ භූ කම්පනයෙන් 6 දෙනෙකුට තුවාල – පසු කම්පන 40කුත් වාර්තා වෙයි-

චීනයේ භූ කම්පනයෙන් 6 දෙනෙකුට තුවාල – පසු කම්පන 40කුත් වාර්තා වෙයි-

බටහිර චීනය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව දුම්රිය මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

එමෙන්ම භූ කම්පනය හේතුවෙන් පුද්ගලන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 47ක් පමණ කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

පළමු භූ කම්පන තත්ත්වයෙන් අනතුරුව තවත් පසු කම්පන 40ක් පමණ වාර්තා වී තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පන තත්ත්වය හටගෙන තිබුණා.

Share This