තණමල්විල දී මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල දී මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල හා අවට ප්‍රදේශ රැසකටම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ නිරත වූ බූරා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 32 හැවිරිදි පුද්ගලයෙකු මේ මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කුඩාඔය කඩ වීදිය පදිංචි w.k.සචින්ත ලක්මාල් නොහොත් බූරා නමැති 32 හැවිරිදි පුද්ගලයෙක්.

අත් අඩංගුවට පත් සැකකාර පුද්ගලයා පිළිබඳව තණමල්විල කොට්ඨාස බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තනමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී තොග වශයෙන් බෙදා හැරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 450ක් පොලිසිය බාරයට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

 

Share This