තායිවානයේ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව දහස ඉක්මවයි

තායිවානයේ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව දහස ඉක්මවයි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,050 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ අතුරුදහන් වූවන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි

එමෙන්ම, හෙලිකොප්ටරයක් මගින් පතල් කැණීමේ ප්‍රදේශයක සිරවී සිටි පුද්ගලයින් හය දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

Share This