
තිස්සමහාරාම – අඳගල වැල්ල ප්‍රදේශයෙන් හමු වූ මත්ද්‍රව්‍ය කිලෝ 400 කට ආසන්න බව පොලීසිය පවසයි
තිස්සමහාරාම අඳගල වැල්ල ප්‍රදේශයේ මුහුදු මාර්ගයෙන් වෙරළට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ගොඩබිම වෙත රැගෙන එමින් සිටිය දී අද (12) අළුයම බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමෙන් හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා.
ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන විත් කුඩා බෝට්තුවකට මාරු කර එම යාත්‍රාවෙන් අඳගල වැල්ල වෙත රැගෙන විත් ඇත්තේ කඹයක ආධරයෙන් බව අප වාර්තාකරු පවසනවා.
ඔහු පවසන්නේ කිලෝ ග්‍රෑම් 50 පොහොර කවර 19 ක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබූ බවයි.
මෙම වැටලීමේ දී සැකපිට පුද්ගලයින් 7 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් කර තිබූ රථ 6 ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ට්‍රැක්ටර් රථහකින් කිරින්ද පොලීසිය වෙත රැගෙන විත් ඇත්තේ ඉන් අනතුරුවයි.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හික්කඩුව,මීගමුව, බොරැල්ල,අංගොඩ, දෙවිනුවර,මුල්ලෙරියාව උතුර, සහ කඩුවිල රන්න පදිචිකරුවන් බව සඳහන්.
මත්ද්‍රව්‍ය සොයාගත් අඳගලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට මේ ප්‍රදේශය තෝතැන්නක් බවයි.
වන අලි ගැවසෙන ප්‍රදේශයක් වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පහසුවෙන් මේ කටයුතු සිදුකරගෙන යන බව ඔවුන් පවසනවා.



