තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 29 දෙනෙකු මරුට

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 29 දෙනෙකු මරුට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්තාන්බුල් හි උස් ගොඩනැගිල්ලක පහළම මාලයේ ඇති මස්කෙරේඩ් සමාජ ශාලාව වසා දමා දිවා කාලයේදී ප්‍රතිසංස්කරණය කරමින් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගින්න මධ්‍යම රාත්‍රියෙන් පසුව හටගත් බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර Davut Gül කියා සිටියා.

ගින්නෙන් විපතට පත්වූවන් අය මෙම ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රාත්‍රී සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වගකිව යුතු පුද්ගලයෙකු ඇතුළු කිහිප දෙනෙකුට ගින්න සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන්.

ඔවුන්ගෙන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This