දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට

දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට

පසුගිය අගෝස්තු මාසයේ ජොහැන්නස්බර්ග් හි ගොඩනැගිල්ලක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණයෙන් පසු සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

29 හැවිරිදි මෙම පුද්ගලයා පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් ඒ පිළිබඳව පාපොච්චාරණය කළ බවයි එරට පොලිසිය පවසන්නේ

දකුණු අප්‍රිකානු පොලිස් සේවා ප්‍රකාශකයෙකු පැවසුවේ හඳුනාගත නොහැකි සැකකරු ළඟදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහුට ගිනි තැබීම් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 120 කට ද මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා .

Usindiso ගොඩනැගිල්ල දකුණු අප්‍රිකානු සමාජයේ දුප්පත්ම මිනිසුන් සිය ගණනකට නිවහන වූ බවද සඳහන්

අතහැර දැමූ මෙවැනි ගොඩනැගිලි බොහෝ විට ජලය සහ විදුලිය හෝ ගිනි ආරක්ෂණ පියවර වැනි මූලික සේවාවන් නොමැතිව ඉතිරිවන ඒවා බවත් සමහර විට මෙම ගොඩනැගිලි අපරාධකරුවන් විසින් අත්පත් කර ගන්නා බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This