දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බැලූ බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බැලූ බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් තමන් දිය යට න්‍යෂ්ටික අවි පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානා සඳහා ලබා දී ඇති නමක් වන “Haeil-5-23” අත්හදා බැලීම එහි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ජලයේ සිදුවූ බවයි වාර්තා වන්නේ .

මීට පෙරද උතුර මෙවැනි පරීක්ෂණ සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

අර්ධද්වීපයේ ඕනෑම වේලාවක පුපුරා යා හැකි යුද්ධයට සූදානම් වීම සඳහා තම මිලිටරි අවි ගබඩාව ගොඩනඟමින් සිටින බවයි උතුරු කොරියාව නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ

එරට නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙන්නේ යලි එක්සත් කිරීමේ ඉලක්කය අවසන් වූ බවත් දකුණු කොරියාව ප්‍රධාන සතුරා ලෙස නම් කර ඇති බවත්ය.

Share This