
අනතුර සිදු වූ රථය
දෙහැවිරිදි දියණියක් නිසා මහමග ගිය අයකුට ජීවිතය අහිමි වෙයි
මව, මෝටර් රථයක් පදවමින් සිටියදී ඇගේ දෙහැවිරිදි දැරිය ඔඩොක්කුවට පැනීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරකින් මහමග ගමන්ගත් අයෙක් මියගියා.
මේ අනතුර සිදුවුණේ අද දහවල් වාද්දුව ප්රදේශයේදීයි.
පාලනයෙන් ගිලිහුන රථය ත්රිරෝද රථයක සහ ලොරි රථයක ගැටී තිබුණා.
අනතුරින් මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ අතර ත්රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ආසනයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ප්රතිකාර සදහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෝටර් රථය ධාවනය කළ අදාළ කාන්තාව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය
පානදුර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.