නාවික හමුදාව නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 742 ක් මීගමුව සහ හලාවතින් අල්ලයි

නාවික හමුදාව නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 742 ක් මීගමුව සහ හලාවතින් අල්ලයි

නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ 742 ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ , පසුගිය 09 සහ 10 දෙදින මීගමුව කලපු ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී මෙම නීති විරෝධී බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය හතලිස් දෙක සොයා ගත් බවයි.

ඒ සමග ඩිංගි යාත්‍රා තුනක් (03) ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය, මීගමුව කලපුවේ කොතලාවල පාලම අසල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී නිති විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල පාර්සල් 16 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සීය දහ තුනක (513) පමණ තොගයක් සොයා ගැනීමට හැකිව තිබුණා.

එමෙන්ම, වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගන මුලස්ථානය මගින්, හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්‍ෂා කර, එම යාත්‍රා තුල පාර්සල් හයක (06) අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙසිය විසි නමයක (229) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා ‍දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.

 

Share This