නිරිතදිග චීනයේ නායයාමකින් 47ක් අතුරුදන්

නිරිතදිග චීනයේ නායයාමකින් 47ක් අතුරුදන්

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ සිදුවූ නායයාමකින් අවම වශයෙන් පුද්ගලයන් 47 දෙනෙකු පමණ අතුරුදන්වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා.

Zhaotong නගරයේ Zhenxiong ප්‍රාන්තයේ මුදාගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ

මියගිය අය පිළිබඳව පැහැදිලි නැති බවද සඳහන් වනවා

සිදුවීමෙන් පසු 500කට වැඩි පිරිසක් කලාපයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කඩාවැටුණු ගොඩනැගිලි අතර ගලවාගැනීම්කරුවන් සුන්බුන් යට සිරවී සිටින අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර සිදුවීමෙන් නිවාස 18ක් පමණ විනාශයට පත්ව තිබෙන බව සඳහන් වනවා

Share This