නීටා අම්බානිට ජාත්‍යන්තර සම්මානයක්

නීටා අම්බානිට ජාත්‍යන්තර සම්මානයක්

ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ සභාපතිනි නීටා අම්බානි මහත්මිය ජාත්‍යන්තර සම්මනයකින් පිදුම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ඒ ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 71 වැනි ලෝක රූ රැජින අවසන් මහා තරගයේදී ලෝක ප්‍රසිද්ධ කීර්තිමත් Beauty with a Purpose Humanitarian Award ‘බියුටි විත් අ පර්පස් හියුමනිටේරියන් සම්මානයයි.

ලෝක රූ රැජින වැනි ජාත්‍යන්තර වේදිකාවක පිරිනමන ඉහළම සම්මානය මෙය වනවා.

මේ සම්මානය ලබා ගැනීමෙන් ඇය ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කරමින්, ඒ සඳහා ඇයගේ ජීවිත කාලය පුරාම කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙම සම්මානය හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සහ ඔපරේෂන් හන්ගර් ඉනා පර්ල්මන් වැනි කීර්තිමත් පුද්ගලයන් දිනා ගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙම සම්මානය අධ්‍යාපන, සෞඛ්‍ය, කලා සහ සංස්කෘතික යන ක්ෂේත්‍ර හරහා ඉන්දියානු කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් නීටා අම්බානි මහත්මිය කළ සේවයට ඇගයීමක් එක් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This