
පරිසරයට දැඩි බලපෑම් එල්ලකරමින් පූනාගල ගිනිගනී
සංවේදී පරිසර පද්ධතියක් සහිත පූනාගල කඳු පංතියේ විශාල ගින්නක් ඇතිවී තිබෙනවා.
ගින්න හේතුවෙන් එම රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (20) දහවල් කාලයේ සිට විශාල ගින්නක් පැතිර යමින් ඇති අතර එම ගින්න අද (21) උදෑසන වන විටත් කඳු රක්ෂිතයේ තැනින් තැන පැතිර යමින් තිබෙන බව සඳහන්වනවා.
සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පූනාගල කඳු රක්ෂිතය මෙලෙස ගිනිගෙන ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි වාර්තාවන්නේ.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ ශාක රැසක් දැවී ගොස් ඇති අතර වනසතුන් ද විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.