ප්‍රංශ ගොවීන් පැරීසියට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කිරීමට සූදානමින්

ප්‍රංශ ගොවීන් පැරීසියට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කිරීමට සූදානමින්

ප්‍රංශ ගොවීන් පැරීසියට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ට්‍රැක්ටර් සිය ගණනක් එම ස්ථානයට ගෙන යමින් ඔවුන් මෙම මාර්ග අවහිර කිරීමට සූදානම් වන බවයි පැවසෙන්නේ

ආදායම් පහත වැටීම සහ ආනයන තරඟකාරීත්වයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවල කොටසක් ලෙස, ඔවුන් රටෙහි වෙනත් තැන්වලද එවැනිම ක්‍රියාමාර්ග ගනු ඇති බවයි පැවසෙන්නේ

සුපිරි වෙළෙඳසල් වෙත ආහාර ලබාදීම නතර කිරීම තම අරමුණ බව ගොවීහු සඳහන් කර තිබෙනවා .

එමෙන්ම ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ නැගෙනහිර යුරෝපයේ ද පෙලපාලි පැවැත්වුණු බවද සඳහන් වනවා

ප්‍රංශ බලධාරීන් පවසන්නේ මෙම ට්‍රැක්ටර් පැරිසියට සහ විශාල නගරවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා 15,000ක් පමණ පොලිසිය යොදවා ඇති බවයි.

 

Share This