
බදුල්ල යථාතත්ත්වයට පත්කිරීම කඩිනමින් – මාර්ග රැසක් ගමනා ගමනයට විවෘතයි – රෝහල් රැසක කටයුතු ඇරඹේ
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 84ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව පවසනවා.
එම කමිටුව පසන්නේ ඊයේ රාත්‍රියේ (01) සිට සහන මෙහෙයුම් වේගවත් කර ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව ඊයේ නිකුත් කළා.
සහන සේවා, යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ එහිදී ගත් වැදගත් තොරතුරු පහත පරිදි වේ.
1) හානි සහ අවතැන් වූවන් පිළිබඳ වාර්තාව.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව: 84
තුවාලකරුවන් සංඛ්‍යාව: 22
අතුරුදහන් වූවන් සංඛ්‍යාව: 28
සුරක්ෂා මධ්‍යස්ථාන ගණන: 178
සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්: 21,002 (පවුල් 6,246)
ඥාති නිවාසවල සිටින පවුල් සංඛ්‍යාව: 2,649
2) මෙහෙයුම් ප්‍රගතිය සහ විමර්ශන
මරණ පරීක්ෂණ: සොයා ගත් මෘත දේහ 84 න්, 82 ක මරණ පරීක්ෂණ අවසන් කර ඇතයි බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව සඳහන් කළා.
සහන මෙහෙයුම්: ඉන්දියානු යුද හමුදාවේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම සෙවීම් සහ මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටිනවා.
3) ජල සැපයුම යථාතත්ත්වයට පත් කිරීම
සම්පූර්ණ වූ ජල සැපයුම: බදුල්ල නගරය, වැලිමඩ සහ ඇටම්පිටිය ප්‍රදේශවල ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මහියංගණය: ජල බවුසර් මගින් ජලය සපයනු ලබන අතර, අද දිනයේ (02) අවශ්‍ය ලීටර් 1000 ජල ටැංකි 65 ක් මිලදී ගැනීමට උපදෙස් දී තිබෙනවා.
4) විදුලි සැපයුම ප්‍රතිස්ථාපනය
හානිය: පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් 45%ක් (126,000ක්) විදුලි සැපයුම අහිමි වුණා.
ඉදිරි සැලසුම්: විදුලි සැපයුම නැවත ලබාදීම අඛණ්ඩව සිදු කරන අතර, අද (02) තවත් 25,000 කට සහ හෙට (03) තවත් 30,000කට විදුලිය ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
5) සෞඛ්‍ය පහසුකම් යළි ක්‍රියාත්මක කිරීම
මහියංගණය මූලික රෝහල: යුද හමුදාවේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව පවසන්නේ සායනික රෝගීන්ගේ ප්‍රතිකාර, OPD කටයුතු සහ Dialysis කිරීම ආරම්භ කර ඇති බවයි.
වෙනත් රෝහල්: මාර්ග අවහිරතා නිසා අඩාල වූ රිල්පොල සහ සිල්මියාපුර රෝහල්වල කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.
ස්ප්‍රින්වැලි රෝහලේ කටයුතු අභයපුර ප්‍රජා ශාලාව තුළ සිදු කිරීමටත්, ජංගම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමටත් කටයුතු යොදා තිබෙනවා.
බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව පැවසුවේ හෙබරව රෝහල: යුද හමුදා සහය ඇතිව දෙසැම්බර් 03 වනදා වන විට කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙන බවයි.
6) මාර්ග ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය
විවෘත කළ මාර්ග: බදුල්ල – පස්සර මාර්ගය ඊයේ සිට විවෘතව පවතින අතර, බදුල්ල-මහියංගන මාර්ගය පොදු ප්‍රවාහනයට අද (02) විවෘත කිරීමට නියමිතව තිබුණා.
බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව විශ්වාසය පළ කළේ ඉදිරි දින 2 තුළ: ස්ප්‍රිංවැලි, වැලිමඩ – ඇටම්පිටිය, සහ ඇටම්පිටිය – බණ්ඩාරවෙල මාර්ග දින දෙකක් තුළ විවෘත කළ හැකි වනු ඇති බවටයි.
පළාත් මාර්ග: විනාශ වූ පළාත් මාර්ග 165 න් තවදුරටත් අලුත්වැඩියා කිරීමට ඇත්තේ මාර්ග 54ක් පමණක් බව බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව පැවසුවා.
කහටරුප්ප සහ කන්දෙ ගෙදර මාර්ගවල අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබෙනවා.
7) සන්නිවේදන යථාතත්ත්වයට පත් කිරීම
සම්පූර්ණ කළ කුළුණු : අලාභ වූ කුළුණු වලින් 25 ක් මේ වන විටත් යථාවත් කොට ඇති අතර, ඉතිරි 40 මාර්ග අලුත්වැඩියාවත් සමග යථාවත් කරන බව බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව සඳහන් කළා.
8) රාජ්‍ය සේවකයන්ට සහන
ආපදාවට ලක් වූ රාජ්‍ය සේවකයන් 384 ක් සිටින බව වාර්තා වන බවත් ඔවුන්ට රජයේ ආපදා ණය ඉල්ලුම් කර එවැනි සේවකයන්ට ප්‍රමුඛතා පදනම මත ණය නිකුත් කරන ලෙසත් මේ වන විට උපදෙස් දී තිබෙනවා.
9) සර්වාගමික කටයුතු
මියගිය සහ අතුරුදන් වූ පිරිසට පින් පැමිණවීම සහ රටට සෙත් පැතීම සඳහා දෙසැම්බර් 04 වන දින බදුල්ල කේන්ද්‍ර කොට ගනිමින් සර්වාගමික කටයුතු සිදුකිරීමට සූදානම් කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ කමිටුව දැනුම් දෙනවා.
ඊයේ (01) සහ අද (02) බදුල්ලට පැමිණි 826 දෙනෙකුගෙන් යුතු පිරිස අද දිනයේ සිට ආපදාවට ලක්වු නිවාස පිරිසිදු කිරිම්, සහන සේවා, මාර්ග ඉදිකිරිම් ඇතුලු සියලු කටයුතු සිදු කිරිමට එක්වන බවත්, ඉන්දියාවෙන් පැමිණි ගලවාගැනිම් ඒකකයේ පිරිස් අද දිනයේත් යුද හමුදාව සමග එක්ව එම මෙහෙයුම් සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව වැඩිදුරටත් පැවසුවා.
